ජනපති මල්වතු,අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකියි

ජනාධිපති වික්‍රමසිංහ, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී ඊයේ (29) පස්වරුවේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 

එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති, මලික් සමරවික්‍රම, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර මහ නාහිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.

අනතුරුව ජනාධිපතිවරයා දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනුනා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති වික්‍රමසිංහ, වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි  බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය  මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි ද එම අවස්ථාවට වැඩම කර සිටියහ. 

ආණමඩුවේ ධම්මදස්සී සහ වෙඬරුවේ උපාලි අස්ගිරි අනුනාහිමිවරුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙටි පිළිසඳරක නිරත විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *