රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරයේ 02 වන අදියර අද (28) ආරම්භ වනවා.
ඒ අනුව අද සිට ඔක්තෝබර් 27 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
මේ අතර මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් 28, 29 සහ 31 යන දිනවල වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඇසළ පෙරහර නැරඹීමට විශාල ජනගහණයක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් නගරය තුළ අධික රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බැවින් පාසල් සිසුන් අපහසුතාවට ලක් වීම නිසා මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.


