2024 අයවැය සඳහා අමාත්‍යාංශ වියදම් යෝජනා සමාලෝචනය හෙට සිට…

2024 අයවැය සදහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය හෙට (28) සිට ලබන මස 10 වනදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ අමාත්‍යාංශවල විෂය භාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමඟ අදාළ සාකච්ඡා සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව විසර්ජන පනත සකස් කිරීම සිදුකරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *