හිටපු හමුදා නිලධාරියකු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී දෙවැනි වරටත් අධිකරණයට සිදු කළ අපහාසය හෙළා දකිමින් උතුරු පළාතේ නීතිඥයන් විරෝධතා දියත් කර තිබේ.
මුලතිව් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණය, චාවකච්චේරි අධිකරණ සංකීර්ණය හා මන්නාරම දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අගෝස්තු 25 වැනිදා පෙරවරුවේ නීතිඥයන් වැඩ වර්ජනය කරමින් විරෝධතා දැක්වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
අධිකරණයට දේශපාලන තර්ජන එපා, විනිසුරුවරුන්ගේ රාජකාරියට අත නොතබනු, නීතියේ ස්වාධීනත්වය තහවුරු කරණු, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත නොකරනු, ආදී සටන් පාඨ පෙරටුකරගනිමින් නීතිඥයන් විරෝධතා දක්වා තිබුවේ අගෝස්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සරත් වීරසේකර මන්ත්‍රීවරයා මුලතිව් මහේස්ත්‍රාත් වරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හෙළා දකිමිනි.


