බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබෙනවා.
අගෝස්තු මස 25 වනදා සිට පරිදි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමට මෙමඟින් නියෝග කර තිබෙනවා.
1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් ද නිර්නායක ඉදිරිපත් කර ඇත.
මේ අතර, බැංකු සහ මූල්‍ය ආයතන සඳහා පොළී අනුපාත පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛය ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
සාමාන්‍ය ණය පොලී අනුපාතය 13.5% මට්ටමේ පවත්වාගෙන යන ලෙසත් උකස් පොලී අනුපාතය 18%ක් ලෙසත් ණයපත් පොලී අනුපාතය 28%ක මට්ටමක පවත්වා ගෙන යන ලෙසත් මෙමඟින් දන්වා තිබෙනවා.


