පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.
මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


