හදිසි රෝග තත්ත්වයක් නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය යයි

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මිය ගොස් ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ තවත් රැඳවියන් 05 දෙනකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මෙම තත්ත්වයට හේතුව මෙහෙත් අනාවරණය වී නැත.

කෙසේ වෙතත් අනෙකුත් බන්ධනාගාර රැඳවියන්ට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *