හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපාන උෂ්ණත්වය ගැන විශේෂ දැනුම්දීමක්!

හෙට (22) දිනයේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමක් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *