සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ජනපතිගේ ප්‍රමුඛ අවධානය…

මෙරට ආර්ථිකය ගොඩනැගීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බව ත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එහිදී රාජ්‍ය අංශයේ මෙන් ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, හිල්ටන් හෝටල් සමූහයේ අතිසුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ 19 පස්වරුවේ එක් වෙමිනි.

දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර ඔවුන් ඉලක්ක කර ගනිමින් එම කලාපය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *