එජාපයට නව ව්‍යවස්ථාවක්!නතතුරු රැසක් අහෝසි කරයි…

එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කෙරෙයි.

එක්සත් ජාතික පක්ෂ 56 වැනි සම්මේලනය කොළඹ ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියේදී සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වෙන අතර එහිදී එජාපයේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නියමිතය.

පක්ෂයේ වැඩ කටයුතු මෙහෙයවීමේ වගකීම පැවරෙන උසස් නිලතල කමිටුවක් (High Post Committee) නව ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙනු ඇත.

නව ව්‍යවස්ථාව මගින් අහෝසි කෙරුණු පක්ෂයේ තනතුරු දැරූ නිලධාරීන් මෙන්ම පක්ෂයේ ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨයන් මෙම උසස් නිලතල කමිටුවට පත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *