පොහොට්ටුව හෙට සිට යළිත්‘ගම සමඟ පිළිසඳර’ අරඹයි

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ගම් මට්ටමින් පක්ෂ යාන්ත්‍රණය සවිමත් කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් හෙට (අගෝ. 20) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගම් මට්ටමේ ප්‍රශ්න හඳුනාගැනීම වෙනුවෙන් ආරම්භ කරන ලද “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ දිගුවක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තීරණය කර තිබේ.

පොදුජන පෙරමුණු වෙනුවෙන් නවක සාමාජිකයන් බඳවා ගැනීම, කමිටු සභා පිහිටුවීම, ගමේ ප්‍රශ්න හඳුනාගන ඒවාට විසඳුම් ලබාදීම, තරුණ ප්‍රජාව පක්ෂයට ආකර්ෂණය කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණ බව වාර්තා වේ.

මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම පොදුජන පෙරමුණු ප්‍රබලයන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ, පක්ෂ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්, එස්.එම්.චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් පත් කිරීමට ද පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *