LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටය අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
පළමු තරගය පැවැත්වෙන්නේ තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින කණ්ඩායම් දෙක අතරයි.
ඒ අනුව අවසන් පූර්ව වටයේ පළමු තරගය ගාල්ල ටයිට්න්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පස්වරු 3.00ට ආරම්භ වේ.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුවම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
2023-08-17


