“දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂාකර ගැනීමට සැලකිලිමත් වන්න”

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සම ආරක්ෂා කරගැනීම වැදගත් බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ පවසනවා.

ඒ අනුව අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මඟින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

දැඩි හිරු රශ්මියක් තියෙන අවස්ථාවලදී උදේ 10.00 දහවල් 2.00 අතර කාලය තුළ එළිමහනට ගමන් කිරීම හැකිතාක් අවම කරන ලෙසත් එළිමහනට ගියද හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා කටයුතු කරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *