‘13 වැනි සංශෝධනය පුළුල් කිරීමට හොඳම කාලය මෙය නොවේ’-ලංකා පොදුජන පෙරමුණ

 ලංකා පොදුජන පෙරමුණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ’13 වැනි සංශෝධනය පුළුල් කිරීමට හොඳම කාලය මෙය නොවේ’ යන ස්ථාවරය ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ලබන අඟහරුවාදා නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට දැනුම් දෙන බව එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මෙම තීරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායමේ සහාය ලැබී ඇති බව වාර්තා වේ.

මේ වන විට එම පෙරමුණේ බහුතරයක් සිටින්නේ මෙම කණ්ඩායම සමඟය.

මේ වනවිට දුර්වල ආර්ථික තත්ත්වයකින් රජයම පීඩනයට ලක්ව ඇති අවස්ථාවක 13 වැනි සංශෝධනය පුළුල් කිරීමට රජය උත්සාහ කළහොත්, රට අනවශ්‍ය පීඩනයකට ලක්විය හැකිය යන පදනම මත එම ස්ථාවරය ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව ප්‍රධාන ලේකම්වරයා පවසයි.

රජය ශක්තිමත් ආර්ථික තත්ත්වයක සිටින විට එය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සලකා බැලිය හැකි යැයි ඔවුන් රජයට යෝජනා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *