පාර්ලිමේන්තුවේ තරුණ ගෘහ පාලක සේවිකාවන්ට ලිංගික හිංසන කළ ගෘහ පාලකගේ වැඩ තහනම් කෙරේ

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ  රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන  ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් එහි සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ ඊයේ (11) තහනම් කරනු ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සේවිකාවන් මෙතෙක් ඉදිරිපත් කර ඇති තොරතුරු සැලකිල්ලට ගෙන  ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා  පත්කරනු ලැබීය.

මෙම කමිටුව පත් කිරීමෙන් පසු සේවිකාවෝ පිරිසක් එම කමිටුව හමුවේ ස්වේච්ඡාවෙන් පෙනී සිට තමන්ට සිදුවී ඇති හිංසන සම්බන්ධයෙන් තොරතුරු රැසක්  අනාවරණය කළහ. සහකාර ගෘහ පාලක වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ එම සේවිකාවන් ලබාදී  ඇති තොරතුරු සැලකිල්ලට ගෙනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *