සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඒ අනුව අදාළ වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිදියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ දැක්ම අනුව පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා ක්‍රමවේදයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.


