ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව එහිදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇගයීමට ලක්වී තිබෙනවා.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සහ ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ

ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *