රාත්‍රියේ නින්දට ගිය මවගේ මළ සිරුර අසල ඇළකින් හමුවෙයි

කෙහෙල්ගමු ඔය ඇල මාර්ගයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (18) අලුයම් කාලයේ සොයාගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

මෙසේ සොයාගත් මළ සිරුර නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ සෙන් ජෝන් ඩිලරි වතුයායේ පදිංචිව සිටි 56 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකගේ බව පොලිසිය පවසනවා.

තම මව ඊයේ (17) රාත්‍රියේ නින්දට ගිය බවත් අද (18) උදෑසන වෛද්‍ය සායනයක් සඳහා යාමටත් තිබූ බැවින් අලුයම තුනට පමණ ඇයව අවදිකරවීමට බලන විට ඇය නිවසේ නොසිටි බව මියගොස් ඇති අදාල කාන්තාවගේ පුත්‍රයා සඳහන් කරා.

පසුව කළ සොයා බැලීමේ දී නිවසට මීටර් 100ක් පමණ දුරින් තිබෙන කෙහෙල්ගමු ඔය ඇල මාර්ගයේ තම මවගේ මළ සිරුර තිබී හමුවූ බව ඇයගේ පුතා පොලීසියට පවසා තිබේ.

අදාළ කාන්තාව ඇල මාර්ගයට පැන සියදිවි හානි කරගෙන ඇති බවට සැක කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.

නොර්වුඩ් පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *