තරුෂි කරුණාරත්නගෙන් ලංකාවට තවත් රන් පදක්කමක් …

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සමත්වී තිබෙනවා.

ඒ අනුව මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවත් සමඟ රන් පදක්කම දිනාගෙන ඇති අතර ඇය තරගය 2:00.66 කින් නිමා කිරීමට සමත්ව තිබෙනවා.

මේ අතර එම තරග ඉසව්වේම ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න විසින් දිනාගෙන ඇති අතර ඇය තරගය නිම කිරීම සඳහා 2:03.25 කාලයක් වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *