නිමල් ලන්සා ප්රමුඛ පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසකගේ එකතුවෙන් සකස් වන දේශපාලන සන්ධානයේ නායකත්වයට හිටපු අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා පත්කෙරෙනු ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
මන්ත්‍රී එකතුවට සම්බන්ධ ප්‍රකාශකයකු එම පුවත්පතට පවසා ඇත්තේ, දැනට තම කණ්ඩායම සමඟ මැතිසබයේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීන් 40 ක් පමණ සිටින බවයි.
මෙම පිරිස ඉදිරියේදී රැස්වී නිල වශයෙන් සන්ධානගත වීමට අපේක්ෂා කරන අතර ඔවුන් ඉදිරියේදී ජනාධිපති වික්‍රමසිංහ ට සහාය ලබාදෙනු ඇතැයිද එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම මන්ත්‍රී කණ්ඩායමේ කාර්යාලයක් ඉදිරිදින කිහිපය තුළදී රාජගිරියේදී විවෘත කිරීමට නියමිතය.
2023-07-15


