ශ්‍රීලංනිප සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී වරුන් සහ මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාව සාර්ථකයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එම පක්ෂයේ සිට ආණ්ඩුවට එක්ව සිටින හිටපු සාමාජිකයන් අතර ඊයේ(14) පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ බව දෙපාර්ශවය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන මහින්ද අමරවීර ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව යි.

ඊයේ (14) ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග මත තාවකාලිකව ඉවත් කරන ලද සාමාජිකයන්ට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස පක්ෂයේ යහපත උදෙසා සිදුකරන ඕනෑම දෙයකට සහාය දෙන බවද ඇමැති මහින්ද අමරවීර ජනමාධ්‍යය වෙත පැවසීය.

මේ අතර, තනතුරුවලින් ඉවත් කළ සාමාජිකයන් යළි එම තනතුරුවල පිහිටුවීමට පියවර ගත් බව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟියෙන් කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *