දුනුමාල සරත් වෙඩි තබා ඝාතනයට…

පාතාල නායකයකු ලෙස සැළකෙන දුනුමාල සරත් නැමැත්තා වරකාපොල, ගලපිටමඩ, දුනුමලවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

අද(14) අලුයම ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී නාඳුනන පුද්ගලයින් විසින් වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

‘දුනුමාල සරත්’ 2015 වසරේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක චූදිතයකු බව පොලිස් වාර්තා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *