මුලතිව් සමූහ මිනී වළේ කැණිම් නවත්වන ලෙස අධිකරණයෙන් නියෝගයක්!

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස මුලතිව් අධිකරණයෙන් පෙරේදා (ජූලි 12) නියෝගයක් ලැබී තිබේ.

එවැනි නියෝගයක් නිකුත් කොට ඇත්තේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නියමයන්ට අනුකූලව කැණීම් ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් ගොඩනගා ගන්නා තුරු ය.

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු නිසි ප්‍රමිතියට හා ජාත්‍යන්තර නියමයන්ට අනුකූල නොවන බවට පාර්ශව රැසක් ම චෝදනා කළ අතර එවැනි මට්ටමක කැණීම් කටයුතු පවත්වාගෙන යන ලෙස එම සමූහ මිනී වළ ආසන්නයේ උද්ඝෝෂණයක් ද පසුගිය දා සංවිධානය කොට තිබිණි.

කෙසේ වෙතත්, දින තුනක කාලයක් මෙම ස්ථානයේ සිදු කළ කැණීම්වලදී කොටි සාමාජිකාවන්ගේ බවට සැක කරන මිනිස් අස්ථි කොටස් 16ක්, කොටි නිල ඇඳුම් කිහිපයක්, අවි ආයුධ, බෝම්බ හා තවත් යුද්ධ උපකරණ කිහිපයක් ද සොයා ගැනීමට හැකි විණි.

එම ද්‍රව්‍ය මේ වන විට මුලතිව් අධිකරණයේ ගබඩා කොට තිබේ.

කෝකිලායි හා මුලතිව් පොලිස් ස්ථානද මුලතිව් ආරක්ෂක අංශ ද කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු ජාත්‍යන්තර නියමයන්ට හා ප්‍රමිතියට අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *