බලපත්‍ර රහිත මගී ප්‍රවාහන බස් රථ සොයා වැටලීම් ආරම්භ වෙයි!

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ.

පසුගිය දා පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරළී සිදු වූ අනතුරක් සිදුවූ අතර එම බස් රථයද බලපත්‍රයක් නොමැතිව ධාවනය කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ.TagsBus

Leave a Reply

Your email address will not be published. Required fields are marked *