‘අස්වැසුම’ අභියාචනා සහ විරෝධතා බාර ගැනීම අදින් අවසන්…

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් (10) අවසන් වනවා.

මේ වන විට අභියාචනා ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් හා විරෝධතා 11,000 ක ප්‍රමාණයක් ලැබී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.

ඒ අනුව ලැබී ඇති අභියාචනා හා විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව තෝරාගත් පිරිසගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *