නවගමුවේ භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහර දුන් 08ක් අත්අඩංගුවට…

නවගමුව, බෝමිරිය, රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී භික්ෂුවකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු නවගමුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය ජූලි 06වැනිදා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පුද්ගලයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *