වතුකම්කරුවන් වෙනුවෙන් ගෙවිය යුතුව ඇති සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් කඩිනමින් ගෙවීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් නුදුරේදී ම ඉදිරිපත් කරන බව විෂය භාර අමාත්‍ය රමේෂ් පතිරණ ලංකා කම්කරු කොංග්‍රසයට පොරොන්දු වී ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පසුගිය දා ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ අතර පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම පොරොන්දුව ලබා දී තිබේ.
2002 වර්ෂයේ සිට වතුකම්කරුවන් බොහෝ දෙනෙකුට සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් ගෙවිය යුතුව ඇති බවත් එම හිඟ මුදල් කඩිනමින් වතුකම්කරුවන්ට ගෙවන්නැයි කම්කරු කොංග්‍රසයේ නියෝජීතයන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
තව ද වතුකම්කරුවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් හා වතුයායවල යළි තේ පැළ සිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරට ත් සාකච්ඡා කර තිබේ.


