විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

එහි ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, වර්තමානයේදී ඉහළ යන වෛද්‍ය පුරප්පාඩු සැළකිල්ලට ගෙන එම තීරණය යෝජනා වී ඇති බවයි.

විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබුවේ පසුගිය සතියේදී ය.

එම තීරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී අභියාචනාධිකරණයට ද දැනුම් දී තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ , අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ගොනු කළ පෙත්සමකට අදාළව එම කරුණු දැක්වීම කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *