මුතුරාජා තායිලන්තය බලා පිටත් කරයි…

මුතු රාජා’ හස්තියා රැගත් රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානය අද (ජූලි 2) දින උදෑසන 07.3 ට තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

එම හස්තියා මෙරටින් රැගෙන යාම සඳහා තායිලන්තයේ ඇත්ගොව්වන් හතර දෙනෙකු සහ පශු වෛද්‍යවරයෙකු මෙරටට පැමිණ තිබුණු අතර, එම පිරිස සමග මෙරට ඇත්ගොව්වෙකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත.

මෙරට ඇත්ගොව්වා ‘මුතු රාජාට’ එම පරිසරය හුරුවන තුරු සහ ඇතා ආරක්ෂිත නවාතැනකට රැගෙන යන තුරු දින කිහිපයක් එරට රැඳී සිටින බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *