“‘අස්වැසුම’ හොඳ වැඩසටහනක් වුවත් එය ක්‍රියාත්මක කිරිමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි”- විපක්ෂ නායක

අස්වැසුම හොඳ වැඩසටහනක් වුවත් එය ක්‍රියාත්මක කරන ආකාරය සම්පූර්ණයෙන් ම අසාර්ථක බවත් මෙය නිවැරදි විය යුතු බවත් ඒ සඳහා බිම් මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ එය අමතමිනි.

රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය යෝජනා කර සිටියේ නිවැරදි සමීක්ෂණයකින් එම කටයුතු සිදු කරන ලෙස බවත් පැවසු විපක්ෂනායකවරයා,  ”වෙරිටේ රිසර්ච්” ආයතනය පවා පෙන්වා දී ඇති පරිදි විදුලි පාරිභෝජනය මත ප්‍රතිලාභීන් තෝරා ගත්තේ නම් එය විද්‍යාත්මකව නිවැරදි තේරීමක් බව සඳහන් කළේය.

රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බව ද ඔහු පැවසිය.

මෙම වැඩසටහන සඳහා රජයේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මඟින් ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් කොටසටකට මෙම සහන නොලැබී යාමේ තත්ත්වයක් උදාවන බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

” ලර්න් ඒෂියා ආයතනය දිස්ත්‍රික්ක 13ක නිවාස 10000ක් කේන්ද්‍ර කර ගෙන සිදු කරන ලද සමීක්ෂණයකට අනුව රටේ දුප්පත් ජනගහනය සියයට 14 සිට සියයට 31 දක්වා සියයට 17කින් වැඩි වී ඇති බවත් ලක්ෂ 30ට සිට දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 70ක් වී ඇති බවත් රජයේ මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මඟින් ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් කොටසටකට මෙම සහන නොලැබී යාමේ තත්ත්වයක් උදාවන බවත් පෙනී යන ආකාරයට අස්වැසුම වැඩසටහන යනු ඇස් වසා ප්‍රතිලාභ ඉවත් කිරීමේ වැඩසටහනක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

”මේ වැඩසටහන ආරම්භ කිරීමේ දී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය යෝජනා කළ ආකාරයට විදුලි පාරිභෝජනය මත පදනම් ව හෝ ප්‍රතිලාභීන් තොරා ගත්තේ නම් සියයට 80කට වඩා එය සාර්ථක වන බවත් එය දත්ත මත පදනම් වූ විද්‍යාත්මක තීන්දු තීරණයක් වුවත් මෙම රජය අස්වැසුම ක්‍රියාත්මක කරන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ප්‍රතිලාභ ලැබිය යුතු අයට ප්‍රතිලාභ නොදී ප්‍රතිලාභ නොලැබිය යුතු අයට ප්‍රතිලාභ ලබා දීමෙන් බවත් පැවසීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *