යුනෙස්කෝ සංවිධානය විසින් “මහාවංශය” ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්රකාශයට පත්කර තිබෙනවා.
මහාවංශය යුනෙස්කෝ සංවිධානය විසින් හදුන්වා දී ඇත්තේ ලොව දීර්ඝතම නොබිදුණු ඓතිහාසික වාර්තාවලින් එකක් ලෙසයි.
එය බුදුන් වහන්සේ, අශෝක අධිරාජ්යයා සහ ලෝක ආගමක් ලෙස බුදුදහමේ නැගීම පිළිබද සුවිශේෂි තොරතුරු අඩංගු ආසියාවේ වැදගත් ඓතිහාසික මූලාශ්රයක් ලෙසයි යුනෙස්කෝ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.


