රජය සහ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ජුනි මස 30 වන සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ අනුව එයට හේතුව වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම බවයි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාලපාරාසයක් අවශ්‍ය බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තු කමිටු තුළ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
ඒ අනුව දීර්ඝ බංකු නිවාඩු කාලය තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තුළ දේශීය බැංකු සහ බැංකු නොවන තැම්පත් ලබාගන්නා ආයතනවල තැම්පත් මුදල හෝ ඔවුන් ලබා ගන්නා පොලී මුදල සඳහා කිසිඳු හානියක් නොවන බවයි බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.


