පෙම් හබයක් නිසා අධිනීතිඥවරියකට පිහි පහරක්!

පානදුර ප්‍රදේශයේදී රජයේ අධිනීතිඥවරියකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.


ඊයේ (23) එසේ පහරදී ඇත්තේ, එම නීතිඥවරියගේ පානදුර ප්‍රදේශයේ පිහිටි නිවස අසලදීය.

අදාළ පහරදීම සිදුකර ඇත්තේ‍ රජයේ අධිනීතිඥවරිය සමග කලක පටන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය අනුරාධපුරයේ පදිංචි 39 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු බව පොලිසිය පවසයි.

මෑතක සිට ඇය ඔහු මඟහැර යෑම පහරදීමට හේතුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

පහරදීමට උත්සාහ කිරීමත් සමග එම කාන්තාව දුම්රිය ස්ථානය දෙසට දිව ගොස් ඇති අතර එම කාන්තාවට පිහි පහර තුනක් පමණ එල්ලවී තිබේ. ඉන් ඇය සුළු තුවාල ලබා ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි රථවාහන අංශ නිලධාරියෙක්ද සුළු කැපුම් තුවාල ලබා තිබුණි.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *