පසුගිය සමයේ සක්‍රිය දේශපාලන කටයුතුවලින් තරමක් දුරස්ව සිටි රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර,එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස යලි දේශපාලන කරලියට පැමිණ ඇත.
පොලොන්නරුව බුද්ධි මණ්ඩපය ශාලාවේ පෙරේදා (22) පැවති පොලොන්නරුව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විම අමතමින් ඔහු කියා සිටියේ, අනාගතයේදි පැවැත්වෙන කවර මැතිවරණයකදි වූවද, ඡන්ද තීරක බවට පත් වන්නේ වර්තමාන තරුණ පරපුර බවයි.
එම රැස්වීමට එජාප මහලේකම් රංගේ බණ්ඩාර, පොලොන්නරුව දිස්ත්‍රීක් එජාප නායක නාලක ප්‍රසාද් කොලොන්නේ, පොලොන්නරුව එජාප බල මණ්ඩල සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය සූරියආරච්චි සහ එජාප සන්නිවේදන බලකායේ අධ්යක්ෂ ජෙනරාල් සුදත් චන්ද්‍රසේකර ද විශේෂ ආරාධිතයින් ලෙස සහභාගිව සිටියේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු සුදත් චන්ද්‍රසේකර, පාවෙන ඡන්දවලට මෙන්ම, ඒ ඒ පක්ෂවලට හිමි පාරම්පරික ඡන්ද වලට ද මෙම තරුණ පරපුරේ බලපෑම දැඩිලෙස එල්ල වනු ඇති බවයි.
අතීතයේ ජයග්‍රහණය ලැබූ දේශපාලන වටිනාකම්වලට වර්තමානයේ වර්තමානයේ වටිනාකමක් නොතිබිම, පොරොන්දු දේශපාලනයෙන් ඉවත්ව, ජාතික ප්‍රතිපත්තිමය දේශපාලනයකට යොමු වීම හා කථාවෙන් නොව ක්‍රියාවෙන් ප්‍රතිඵල දැකිය හැකි දේශපාලනයක් යන කරුණු අවබෝධ කරගෙන නව දේශපානයක් වෙනුවෙන් පක්ෂය වෙනස් විය යුතු බව ඔහු කියා සිටියේය.
2023-06-24


