ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර හමුවක් ඊයේ (23) පස්වරුවේ සිදු විය.
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය අතරතුර මෙම හමුව සිදුවූ අතර රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහක නිරත විය.
” නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ ගෝලීය නායකයින්ගේ සමුළුවට ” 22 සහ 23 යන දිනවල පැරිස් නුවර දී පැවැත්වෙයි.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සමුළුවට එක්ව සිටී.


