ශ්‍රී ලංකාවට කඩුළු 10ක විශිෂ්ඨ ජයක්!

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන් කණ්ඩායම සියලු කඩුලු දැවී රැස් කළේ, ලකුණු 98ක් පමණි.

පන්දු වාර 7.2කදී වනිඳු හසරංග ලකුණු 13ක් පමණක් ලබා දී කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

ලහිරු කුමාර කඩුලු 3ක් දවා ගත්තේ ය.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස් කළේ ය.

පන්දු 51කදී ඔහු හතරේ පහර 8ක් සමග නොදැවී ලකුණු 61ක් රැස් කළේ ය.

කිසිවෙකු නොදැවී ලකුණු 100ක් රැස් කරමින් ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *