අධිකරණයට අපහාස කළ ඩයනාට එරෙහිව පියවර ගන්නැයි අභියාචනාධිකරණයට ඉල්ලීමක්…

අධිකරණට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයට ඉල්ලීමක් යොමු කරන බව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද(22) ප්‍රකාශ කළේය.

ඒ අප්‍රේල් 24වැනිදා ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයකට අදාළව රූපවාහිනී වැඩසටහනකදී ඇය සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර එය ලබාගෙන ඇති බවට ඇය එහිදී පවසා තිබිණි.

මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අදාළ තීන්දුව තමන් විසින් ටයිප් කර ‘පෙන්ඩ්‍රයිව් එකක්’ මගින් අධිකරණයට රැගෙනවිත් තමන් විසින්ම එහි පිටපත් ලබාගත් බවයි.

එබැවින් එය පිටවීමට කිසිඳු ඉඩක් නැතැයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් වෙනුවෙන් අදාළ නඩුවට පෙනී සිටින නීතීඥවරයා ද මෙහිදි ඉල්ලා ඇත්තේ ඇය අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කර ඇති බැවින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසයි.

මහේස්ත්‍රාත්වරයා අදාළ තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඒ අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *