ටයිටන් සබ්මැරීනය විනාශ වූ බවට සාක්ෂි හමුවෙයි!

සාගර පත්ලේ ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සංචාරක සබ්මැරීනයේ මගීන් පස්දෙනා “ව්‍යසනකාරී පිපිරීමකින්” මිය ගිය බව බලධාරීහු ඊයේ(22) ප්‍රකාශ කළහ.

ලොව ප්‍රසිද්ධම නැව සුන්බුන් වූ ස්ථානය අසල දින පහක කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව ඔවුන් මේ බව දැනුම්දී තිබේ.

ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 ක් පමණ දුරින්, උතුරු අත්ලාන්තික් සාගරයේ ගැඹුරින් සහ මැසචුසෙට්ස් හි කේප් කෝඩ් සිට නැගෙනහිරින් 900 ක් පමණ දුරින් සබ්මැරිනයක වලිග කේතුව සහ අනෙකුත් සුන්බුන් සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *