“ඖෂධ හිඟයට විසඳුම් ලබාදෙන්න බැරිනම් ඇමතිකමෙන් ඉවත් වෙනවා” – කෙහෙළිය රඹුක්වැලල

රට තුළ පවතින ඖෂධ හිඟයට විසඳුම් ලබාදීමට තමන් අපොහොසත් වුවහොත් තවදුරටත් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු නොකරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඖෂධ හිඟය විසඳීමට මුල්‍ය ප්‍රශ්න සහ අධිකරණ තීන්දුවක් බාධාවක් වී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඖෂධ හිඟය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙසේද සඳහන් කළේය.

”ඖෂධ හිඟය සම්බන්ධයෙන් අපිට විශාල ගැටළු දෙකක් තියෙනවා. එකක් අධිකරණ තීන්දුවල බාධාවක්. දෙවැනි හේතුව ලෙස මුදල් ප්‍රශනයක් මතුවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩබලන මුදල් ඇමැතිවරයා සහ නිලධාරීන් අද හමුවෙලා සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව කටයුතු කරන්න හැකියාවක් නැත්නම් ඒ ගැන මම මේ සභාවට දන්වනවා.”

”ඇමැතිවරයා හැටියට එවැනි අඩු පාඩුවක් පිරිමහගන්න බැරිනම් තනතුර දරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා මම තීන්දු කරලා තියෙන්නේ. ඒ අඩුපාඩුව මට බාර ගන්න වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *