උද්ධමනය තවදුරටත් පහළට…

2023 මැයි මාසයේ මෙරට උද්ධමනය 22.1%ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2023 අප්‍රේල් මාසයයේදී 27.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) ද 2023 මැයි මාසය සඳහා 15.8 %ක් දක්වා පහත වැටී ඇති බවද එම වාර්තාවේ සඳහන්.

එසේම අප්‍රේල් මාසයේදී 39.0%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) ද මැයි මාසයේදී 27.6%ක් ලෙස වාර්තාවන බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *