ජනාධිපති පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් හමුවෙයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී තිබෙනවා.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දේශගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *