වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාප්‍රාප්ත වෙයි

හිටපු ආයුර්වේද කොමසාරිස්, හිටපු මානව හිමිකම් කොමසාරිස්, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම මානව හිමිකම් සුරක්ෂා කිරීම උදෙසා සටන්කාමී මෙන්ම පුරෝගාමී මෙහෙවරක නිරත වූ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අභාවය වෙනුවෙන් සාතිශය සංවේගය පළ කරමු.

කම්කරු අයිතීන් වෙනුවෙන් හා කම්කරුවන් රැකගැනීම වෙනුවෙන් එතුමා අභීතව සටන් වැදි සටන් සගයකුද වන අතර, ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ලෙසද ක්‍රියා කළේය.

එතුමාගේ දේහය සමනල පෙදෙස, නාවින්න, මහරගම නිවසේ තබා ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 19 වැනි සඳුදා දින සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *