මිනුවන්ගොඩ පොලිස් වසමේ ඊයේ දින (17)රාත්‍රී 07.40 ත් 08.00 අතර කාලයේ ඔස්ටින් හංදිය අසලදී මධුවන්ත සිල්වා ( 33) යන අයට හා නිහාල් හරිස්චන්ද්‍ර නොහොත් බාප්පා(43) වන අයට ඔවුන් ගමන්ගත් BGF 0469 දරන යතුරු පැදියට නන්නාදුනන පිරිසක් විසින් අළු පැහැති ඇල්ටො රථයකින් පැමිණ වෙඩි තබා පළා ගොස් ඇත.
මේම වෙඩි තැබීමෙන් තුවාල ලැබු දෙදෙනා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇත.
වෙඩි තැබීම ටි 56 අවියකින් සිදු කර ඇති බවට අනාවරණය වේ…
වැඩිදුර පරීක්ෂණ කටයුතු මිනුවන්ගොඩ පොලිසිය සිදු කරයි.


