2022 උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා කාලසටහන් නිකුත් වේ…

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ජූනිනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පැවසීය.

ඒ අනුව, නැටුම් (දේශීය) , නැටුම් (භරත), සංගීතය (පෙරදිග) – 2023 ජූනි 27 සිට ජූලි 6 දින දක්වා ත්, ඉන්ජිනේරු තාක්ෂණවේදය – 2023 ජූලි 12 දින හා ජූලි 21 දින දක්වා ත් ජෛව පද්ධති තාක්ෂණවේදය – 2023 ජූලි 29 දින සිට ජූලි 31 දින දක්වා ත් පැවැත්වෙනු ඇත.

එම නිවේදනය පහතින්.,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *