ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ(LPL) ක්රිඩක වෙන්දේසිය ඊයේ(15) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී වැඩිම මුදලකට අලෙවි ක්රීඩකයා වූයේ ඩිල්ශාන් මධුශංක යි.
ඔහු අමෙරිකානු ඩොලර් 92000කට යාපනය කණ්ඩායම මිලදි ගත්තේය. එය ශ්රී ලංකා මුදලින් කෝටි 03කට ආසන්න වෙයි.
චරිත් අසලංකද මිලදි ගැනිමට කොළඹ,දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර තියුණු සටනක් පැවැති අතර අවසානයේ ඩොලර් 80,000කට යාපනය ඔහුව මිලදි ගනු ලැබුවේය. ශ්රී ලංකා මුදලින් එය කෝටි දෙකහමාරක් වෙයි.
බිනුර ප්රනාන්දු ඩොලර් 76000කටත්, දිනේෂ් චන්දිමාල් ඩොලර් 72000කටත් දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් මිලදි ගනු ලැබීය.
කොළඹදි පැවැති වෙන්දේසියට දේශීය ක්රීඩකයෝ 254ක් සහ විදේශිය ක්රීඩකයෝ 156ක් ඇතුලත්ව සිටියහ.
ලංකා ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසියේදී පළමුවෙන්ම වෙන්දේසි වූ ක්රීඩකයා වූයේ ධනංජය ද සිල්වාය.
දඹුල්ල කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 76,000කටයි.
කෙසේ වෙතත්,ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ,ප්රභාත් ජයසුරිය,සිකන්දර් රාසා, කාලොස් බ්රාත්වයිට්, ඉමාඩ් වසීමි , මුෂ්පිකර් රහීම්,ඉම්රාන් තාහීර්, තමීම් ඉක්බාල් වෙන්දේසියේදි අලෙවි නොවුයේය.
මෙම වෙන්දේසිය සඳහා සියලුම කණ්ඩායම් වැයකිරීමට සැලසුම් කර තිබූ මුදල ඩොලර් ලක්ෂ 25කි.


