ජුනි 15 සිට පාස්පොර්ට් එක අතේ දුරින්,පහසුවෙන් ලබා දෙන්න රජය සූදානම්…

ජුනි 15 දා සිට විදෙස් ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පහසුවෙන් ලබාගැනීම සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පනහක් (50) සුදානම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.  

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන සේ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රම වේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු මේවනවිට සැලසුම් කර තිබේ.

එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදුකල හැකිය.

මෙම ක්‍රම වේදයේ සමාරම්භක අවස්ථාව, ජුනි 15 වන දින පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහභාගීත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *