10 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැලළාගෙන…!

දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වැලළාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ ඕල්ඩි දමිල මහා විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මහෙෂ්වරන් ශාන්ත රුබන් නැමති පාසල් සිසුවෙකි.
නිවසේ සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවා වැසිකිලිය වෙත ගොස් ලි දණ්ඩයක් වැසිකිලියේ කවුළුවේ රදවා රෙදි කැබැල්ලක් එහි ගැට ගසා එල්ලිමෙන් සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු වැඩිදුර පරික්ෂණය පවත්වන බව බගවන්තලාව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *