තිදරු මවක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි මාළු ව්‍යාපාරිකයා අත්අඩංගුවට…

විසි නව හැවිරිදි රූමත් තිදරු මවක් බලහත්කාරයෙන් පැහැරගෙන  ගොස් මරණ තර්ජනය කර අයුතු ලෙස සිරකර තබාගෙන සිටි බව කියන මාළු ව්‍යාපාරිකයෙකු කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසකදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ පවසනවා.

ඇය ඔහුගේ තර්ජන ගර්ජන වලට ලක්වෙමින් බියට පත්ව මාස හයක පමණ කාලයක් එම නිවසේ රැඳී සිට තිබේ.

ඇය පොලිස් භාරයට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

 ඔහුගේ භාරයෙන් මිදී පලා ගියහොත් තම සැමියා හා දරුවන් මරා දමන බවට ද තමන් නිරුවත් කර නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට ද තර්ජනය කළ බවද අදාළ කාන්තාව පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් හෙළිකර ඇත.

 ඇගේ මව විසින් මීට පෙරද පොලිස් පොලිස් ස්ථානවලට පැමිණිලි කර ඇති අතර ඒ කිසිදු පොලිස් ස්ථානයකින් සාධාරණයක් නොවූ බව ඇය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාට පැමිණිලි කිරීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශනය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත වෙත භාරදී තිබිණි.

මේ අනුව ඇය ඇතුළු කණ්ඩායම මාතර මහාධිකරණයෙන් හදිසි වරෙන්තුවක් ලබාගෙන  සැකකරුවන්ගේ නිවස පරික්ෂා කිරීමේදී එම කාන්තාවට තර්ජනය කිරීමට යොදාගත් බව කියන මාළු කපන පිහි 5ක්, කිණිස්සක් සොයාගනු ලැබීය.

ඊට අමතරව ඇගේ නිරුවත් දර්ශන වීඩියෝ පටිගත කර තිබූ ජංගම දුරකථන හා එවැනි කාඩ්පත් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජංගම දුරකථන තුල අදාළ සැකකරු  බාලවයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබූ බව පොලිසිය පවසයි.

 එම සිද්ධියට අදාළව ඔහුට විරුද්ධව අධිකරණයේ නඩුවක්  විභාග වන බවද පොලිසිය පවසයි.

36 හැවිරිදි සැකකරු මෙම කාන්තාවගේ ඥාති මාමා කෙනෙකු බව ද ඔහු කුඩා කල සිටම ඇය ගැන බලාපොරොත්තු තබාගෙන සිට ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පසු කාලයක දී එම කාන්තාව විවාහ වී ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර ඉකුත්  දෙසැම්බර් මාසයේදී එහි ගොස් ඇති සැකකරු පවුලේ අයට තර්ජනය කර ඇය බලහත්කාරයෙන්යෙන් රැගෙන විත් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මනුෂ්‍ය ඝාතනයකට හා පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දීම හා ස්ත්‍රී දූෂණ ඇතුළු වූ අපරාධ කිහිපයකටටම සම්බන්ධ චෝදනා ලැබ සිටින සැකකරුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *