ඉන්දියාවේ පළමු සංචාරක නෞකාව ලංකාව බලා පිටත්වෙයි!

ඉන්දීය මධ්‍යම වරාය, නාවික, ජල මාර්ග පිළිබඳ ඇමැති සර්බානන්ද සොනොවාල් විසින් ඊයේ (05) චෙන්නායි වරායේ සිට ශ්‍රී ලංකාව වෙත ඉන්දියාවේ ප්‍රථම සංචාරක නෞකාව දියත් කිරීමේ අවස්ථාවට එක්වූ බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වාර්තා කර ඇත.

‘Cordelia Empress’ නම් මෙම සුඛෝපභෝගී නෞකාව ජුනි 07 වනදා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිතය.

එතැන් සිට එය ත්‍රිකුණාමලයට යාත්‍රා කර දිනක් එහි රැඳී සිට, ජුනි 09 වන දින යළි චෙන්නායි වෙත යාත්‍රා කරනු ඇත.

මෙම නෞකාව සුඛෝපභෝගී සාප්පු සවාරි ප්‍රදේශයක්, මත්පැන්හල්, පිහිනුම් තටාකයක්, ආහාර ශාලාවක්, කැසිනෝ ශාලාවක්, ව්‍යායාම මධ්‍යස්ථානයක්, සම්බාහන මධ්‍යස්ථාන, සිනමාහල් සහ අනෙකුත් අංගයන්ගෙන් සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *