ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය රජයට විරෝධය පෑම සඳහා මේ සතියේ කොළඹට පැමිණීමට නියමිත ය.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලබන 7දා කොළඹට පැමිණීමට නියමිතව ඇති අතර පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැමීමට විරෝධය පළ කරමින් ලබන 8දා ජාතික ජන බලවේගය ද මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණීමට නියමිත ය.
ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර මුදල ඉහළ දැමීම, ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික ලබා දීම, මාස පහක් තිස්සේ සිරගත කොට සිටින කැලුම් මුදන්නායක, දිල්ෂාන් හර්ෂණ යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කිරීම, අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම, ජීවන වියදම් පහළ හෙළීම, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම හා ප්‍රතිත්‍රස්ත පනත ඉවත දැමීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගනිමින් අන්තරේ ද සිය විරෝධය පළ කිරීම සඳහා තම පාගමන සංවිධානය කොට තිබේ.


